අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයට තිත - හදිසි අධිකරණ නියෝගයක්
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වමින් කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාදී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම නියෝගය පොලිසිය සිදුකළ ඉල්ලීමකට අනුව ලබා දී ඇති බව සඳහන්.
එසේම පොලිසිය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීමට ඉඩ නොදෙන ලෙස බව සඳහන්.
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ 'සිවුරට යුක්තිය - නිදහසේ පා ගමනට' එක්වූ භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස ඊයේ (16) දින ජනාධිපති කාර්යාලය අසලට ළඟා විය.
ඒ අනුව මහා සංඝරත්නය අද (16) දින උදෑසන වන විටත් එම ස්ථානය ඉදිරිපිට රැඳී සිටින බව වාර්තා විය.