ඛේදවාචකයක් - ඇමරිකාවේ පාසලක වෙඩිතැබීමක් - සිසුන් තිදෙනෙකු සහ ගුරුවරයෙකු ජීවිතක්ෂයට
ඇමරිකාවේ ඔරිගන් (Oregon) ප්රාන්තයේ ප්රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමක් සිදු ව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
ඒ අනුව මෙම වෙඩි තැබීමෙන් ගුරුවරයෙකු සහ වයස අවුරුදු 5, 8 හා 11 යන වයස්වල පසුවන දරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ප්රාදේශීය පොලිසිය පවසන බව සඳහන්.
වාර්තා වූ ආකාරයට 16 හැවිරිදි සැකකරුවෙකු පාසලේ අගුලු දමා තිබූ දොරවල්වලට වෙඩි තබමින් බලහත්කාරයෙන් පාසල තුළට ඇතුළු වී ඇත.
යේමනයේ ජනාධිපති මන්දිරයට දරුණු මිසයිල ප්රහාරයක් - පහක් මරුට 16කට තුවාල - අගමැති සහ ඇමතිවරුන්ගේ තත්ත්වයත් දන්වයි
එසේම සැකකරු පසුපසින් පාසල තුළට ඇතුළු වූ ප්රදේශවාසියෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් අඳාළ සැකකරු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය මාධ්ය හමුවකදී ප්රකාශ කර ඇත.
ඊට අමතරව තවත් පුද්ගලයින් දෙදෙනෙකු - එනම් 7 හැවිරිදි දරුවෙකු සහ තවත් ගුරුවරයෙකු - මෙම සිදුවීමෙන් තුවාල ලබා ඇති අතර, ඔවුන් බරපතළ තත්ත්වයේ පසුවන බැවින් රෝහල් ගත කර ඇති බව සඳහන්.