මහ වැසි මැද නායයාම් අනතුරු ඇඟවීම් - ලංකාවේ දිස්ත්රික්ක රැසකට රතු එළි - අද රාත්රී 9 දක්වා වලංගුයි
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්රික්ක කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ඊයේ(15) රාත්රී 09:00 සිට අද (16) දින රාත්රී 09:00 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වන බව දැක්වේ.
ඒ පහත ආකාරයටයි.
සුළු මොහොතකට පෙර මහ වැසි ගැන දැනුම්දීමක් - මේ ස්ථානවලට මි.මී. 100ට වැඩි වැසි තත්ත්ව බලාපොරොත්තු වන්න
අනතුරු ඇඟවීමේ මට්ටම 1 ලෙස ,
ගාල්ල දිස්ත්රික්කය: * තවලම
ගම්පහ දිස්ත්රික්කය: * අත්තනගල්ල
හම්බන්තොට දිස්ත්රික්කය: * කටුවන * වලස්මුල්ල
කළුතර දිස්ත්රික්කය: * බුලත්සිංහල * පාලින්දනුවර * වලල්ලාවිට * දොඩන්ගොඩ * බණ්ඩාරගම * මිල්ලනිය කෑගල්ල දිස්ත්රික්කය: * රුවන්වැල්ල * යටියන්තොට * කෑගල්ල * දෙහිඕවිට * රඹුක්කන * වරකාපොල
මාතර දිස්ත්රික්කය: * කිරින්ද පුහුල්වැල්ල * කඹුරුපිටිය * අතුරලිය * මුලටියන
මහනුවර දිස්ත්රික්කය: * හතරලියද්ද * තුම්පනේ * පන්විල * උඩුනුවර * දෙල්තොට * යටිනුවර
අද මේ ලග්න හිමියන්ට රන් රිදී ආභරණ, නිවසට අවශ්ය වටිනා භාණ්ඩ මිලදී ගැනීමට මුදල් ලැබෙන වාසනාවන්ත දිනයක්
මාතලේ දිස්ත්රික්කය: * අඹන්ගඟ කෝරලේ * උකුවෙල * මාතලේ
රත්නපුර දිස්ත්රික්කය: * කුරුවිට * අයගම * ඇහැලියගොඩ * වැලිගෙපොල * රත්නපුර * කලවාන * ඉඹුල්පේ * නිවිතිගල * කොලොන්න * බලන්ගොඩ
කුරුණෑගල දිස්ත්රික්කය: * පොල්පිතිගම අනතුරු ඇඟවීමේ මට්ටම 2 ලෙස නුවරඑළිය දිස්ත්රික්කය: * මතුරට * වලපනේ * හඟුරන්කෙත * නිල්දණ්ඩාහින්න
රත්නපුර දිස්ත්රික්කය: * ඇලපාත
කෑගල්ල දිස්ත්රික්කය: * බුලත්කොහුපිටිය * අරණායක * මාවනැල්ල කුරුණෑගල දිස්ත්රික්කය: * රිදීගම මාතලේ දිස්ත්රික්කය: * රත්තොට
මාතර දිස්ත්රික්කය: * කොටපොල * පිටබැද්දර * හක්මන * පස්ගොඩ