මේ කාලසීමාව දීර්ඝ කිරීමට පියවර - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් මෙම අපේක්ෂකයන්ට විශේෂ දැනුම්දීමක්

Report

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන 2026 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රවේශ පත්‍රවල තොරතුරු සංශෝධනය කරගැනීම වෙනුවෙන් ලබා දී තිබූ කාලසීමාව දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.

එබැවින් ප්‍රවේශ පත්‍රවල සඳහන් නම, මාධ්‍ය සහ ස්ත්‍රී - පුරුෂ භාවය යන තොරතුරුවල සංශෝධන සිදුකිරීමට මීට පෙර 2026 ඔක්තෝබර් 19 වැනි දින මධ්‍යම රාත්‍රිය දක්වා ලබා දී තිබූ කාලය, 2026 ඔක්තෝබර් 21 වැනි දින පස්වරු 04.00 දක්වා දීර්ඝ කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

2027 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින 12 ශ්‍රේණියේ සිසුන් සඳහා පළමු වරට පැවැත්වෙන මෙම විභාගය, එළඹෙන 2026 ඔක්තෝබර් 24 වැනි දින දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 1,520කදී පැවැත්වීමට නියමිතව ඇත.

විභාග දෙපාර්තමේන්තුවෙන් සිසුන්ට නිවේදනයක් - මෙම පරීක්ෂණ 17 වැනිදා සිට ඇරඹෙයි

විභාග දෙපාර්තමේන්තුවෙන් සිසුන්ට නිවේදනයක් - මෙම පරීක්ෂණ 17 වැනිදා සිට ඇරඹෙයි

එසේම විභාගයට පෙනී සිටින සියලුම අපේක්ෂකයන්ට 2026 ඔක්තෝබර් 16 වැනිදා සිට www.doenets.lk නිල වෙබ් අඩවිය හරහා ප්‍රවේශ පත්‍ර බාගත කරගැනීමේ පහසුකම සලසා දී ඇත.

තවද ප්‍රවේශ පත්‍රවල යම් සංශෝධනයක් අවශ්‍ය වන්නේ නම්, ලබා දී ඇති නව කාලසීමාව තුළ එය සිදුකරගත යුතු අතර, වැඩිදුර විමසීම් සඳහා ක්ෂණික ඇමතුම් අංක 1911 හෝ 0112784208 / 0112784537 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැකි බව දන්වයි.

අද මේ ලග්න හිමියන්ට රන් රිදී ආභරණ, නිවසට අවශ්‍ය වටිනා භාණ්ඩ මිලදී ගැනීමට මුදල් ලැබෙන වාසනාවන්ත දිනයක්

අද මේ ලග්න හිමියන්ට රන් රිදී ආභරණ, නිවසට අවශ්‍ය වටිනා භාණ්ඩ මිලදී ගැනීමට මුදල් ලැබෙන වාසනාවන්ත දිනයක්

සම්පත් බැංකු පාරිභෝගිකයින්ට හදිසි නිවේදනයක්

සම්පත් බැංකු පාරිභෝගිකයින්ට හදිසි නිවේදනයක්