විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හදිසි නිවේදනයක් - සෙනසුරාදා දවස්වල විදේශ ලේඛන සහතික කරගන්න වේලාව වෙන්කරගන්න හැටි මෙන්න

Report

හදිසි අවශ්‍යතා මත ලේඛන සහතික කරවා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින්ගේ පහසුව වෙනුවෙන්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් ඔක්තෝබර් මාසයේ සෙනසුරාදා දින තුනකදී විශේෂ සේවාවක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, 2026 ඔක්තෝබර් 17, 24 සහ 31 යන සෙනසුරාදා දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා මෙම සේවාව ලබාගත හැකි බව අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම විශේෂ සේවාව ක්‍රියාත්මක වන්නේ බත්තරමුල්ලේ පිහිටි කොන්සල් කටයුතු අංශයේ ප්‍රධාන කාර්යාලයේ පමණක් වන අතර, දිවයිනේ වෙනත් ප්‍රාදේශීය කාර්යාලවලින් එම සේවාව ලබාගත නොහැකිය.

මෙම වැඩපිළිවෙළ යටතේ ලේඛන සහතික කරවා ගැනීමට පැමිණෙන සියලු දෙනා කල්තියා වේලාවක් වෙන්කරවා ගැනීම අනිවාර්ය වේ.

ඒ සඳහා පහත සබැඳිය ඔස්සේ e-Channeling පද්ධතියට පිවිස අන්තර්ජාලය හරහා වේලාවක් වෙන්කරවා ගත හැකිය.

වේලාවක් වෙන්කරවා ගැනීමට:https://www.echannelling.com/ministry-of-foreign-affairs/H533 එබැවින්, මෙම විශේෂ සේවාව ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් නියමිත දිනයට පෙර තම වේලාව වෙන්කරවා ගන්නා ලෙස අමාත්‍යාංශය දැනුම් දෙයි.

සම්පත් බැංකු පාරිභෝගිකයින්ට හදිසි නිවේදනයක්

සම්පත් බැංකු පාරිභෝගිකයින්ට හදිසි නිවේදනයක්

ඥානසාර හිමියන් පිළිබඳව ජනපති ලේකම් දැන් දුන් තීරණය මෙන්න

ඥානසාර හිමියන් පිළිබඳව ජනපති ලේකම් දැන් දුන් තීරණය මෙන්න