ක්ෂය රෝගය ව්‍යාප්ත වීමේ අවධානම් තත්ත්වයක්..

Ratnapura Sri Lanka Ministry of Health Sri Lanka
By krishani Apr 17, 2023 09:53 AM GMT
krishani

krishani

Report

ක්‍ෂය රෝගය වැඩි වශයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව රත්නපුර ශික්ෂණ රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක සඳහන් කර සිටියේ ය.

ඒ ඊයේ (16) ක්‍ෂය රෝගය වළක්වාගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ක්‍ෂය රෝගය පිළිබඳ ජනතාව තුළ පවතින නොදැනුවත් භාවය ද ඊට හේතු වන බවයි.

මේ අතර, පසුගිය වසරේ දී මෙරටින් ක්‍ෂය රෝගීන් 331 දෙනෙකු හමු වී ඇති අතර ඉන් 30 දෙනෙකු මියගොස් ඇත.

එය සියයට 10 ක පමණ ප්‍රතිශතයක් වීම අවධානයට ලක්විය යුතු කරුණක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join