යළි කොවිඩ් පැතිරීමේ අවදානමක්

COVID-19 India Death Sinhala news
By Hashini May 26, 2025 08:14 AM GMT
Hashini

Hashini

Report

ලොව පුරා නැවත නව කොවිඩ් වෛරසය පැතිරෙමින් පවතිනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ එම නව කොවිඩ් වෛරසය හමුවේ ඉන්දියාවේ රෝගීන් 1,009ක් මේ වන විට වාර්තා වී ඇති බවයි.

ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හී අවම වශයෙන් රෝගීන් 104ක් සිටින බවත් ඉන් 99 දෙනෙකු පසුගිය සතිය තුළ වාර්තා වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

නිළි රැජිනට සමුදෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් එයි (VIDEO)

නිළි රැජිනට සමුදෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් එයි (VIDEO)

කේරළය, මහාරාෂ්ට්‍ර සහ දිල්ලි ඇතුළු ප්‍රාන්තවල කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව කේරළයේ රෝගීන් 430ක් මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ රෝගීන් 209ක්, ගුජරාටයේ රෝගීන් 83, කර්ණාටක 47ක්, උත්තර් ප්‍රදේශ් හී රෝගීන් 15ක් සහ බටහිර බෙංගාලයේ රෝගීන් 12ක් මේ අනුව වාර්තා වී ඇතැයිද එම වාර්තාවල සඳහන්.

කොවිඩ් හේතුවෙන් මරණ 4ක් වාර්තා වී ඇති අතර එම මරණ මහාරාෂ්ට්‍රයෙන් මරණ දෙකක් සහ කේරළයෙන් එක් මරණයක් සහ කර්ණාටකයෙන්ද වාර්තා වී තිබෙනවා.  

හිටපු ඇමති හරීන්ගේ ගැසට්ටුව අලුත් ඇමති අතින් වීසි වේ

හිටපු ඇමති හරීන්ගේ ගැසට්ටුව අලුත් ඇමති අතින් වීසි වේ

ReeCha