සහල් හිඟය සතියකින් අවසන්ඩ: ඩ්ලි සිරිසේන
දැනට රට තුළ පවතින සහල් හිඟය තව සතියකින් පමණ සම්පූර්ණයෙන්ම මඟහැරෙනු ඇති බව සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන සඳහන් කර සිටියි.
නැවතත් නාඩු සහල් හිඟයක් පවතින බව වෙළෙදපොළ ආරංචි මාර්ග සඳහන් කරන අතර වෙළෙදපොළට සහල් තොග ලැබීමත් සමඟ පවතින සහල් හිඟය මඟහැරෙනු ඇති බව කලගෙඩිහේන ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.
මේ අතර පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ පුත්තලම ලුණු නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කර තිබෙන බවත්,
පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ලුණු නිෂ්පාදන කටයුතු පහළ ගිය අතර මේ හේතුවෙන් මෙරට ලුණු අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ලුණු ආනයනයට රජය පියවර ගත් බවත් වාර්තා වේ.