ගණේමුල්ල සංජීව ඝාතනය ගැන බන්ධනාගාර විමර්ශනයක්

By Gagana News Feb 26, 2025 11:14 PM GMT
Report

ගණේමුල්ල සංජීව ඝාතනයට අදාළව මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවලට අනුව නිලධාරින් ඇතුලු 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.

පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන්ගෙන් මෙන්ම ගණේමුල්ල සංජීව උසාවියට රැගෙන එම සිදුකිරීම සම්බන්යෙන්ධ වගකීම දැරූ නිලධාරියාගෙන් ද ප්‍රශ්න කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම තවත් 15 දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම විමර්ශන කටයුතු සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදු වන අතර උසාවියට ගෙන ඒමට පෙර ගණේමුල්ල සංජීව සිටි සිරමැදිරියේ තිබි ජංගම දුරකථනයක් හමු වී තිබේ. එය විමර්ශන සඳහා යොමු කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම මේ වන විට ඇති නිල වාර්තාවල දැක්වෙන්නේ ගණේමුල්ල සංජීව අංක 5 අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර අලුත් කඩේ අංක 9 අධිකරණයට ඉදිරිපත් කර ඇති බවය. 

එලොන් මස්ක්ටත් ඇරයුම් ලැබූ: ට්‍රම්ප්ගේ පළමු කැබිනට් රැස්වීම

එලොන් මස්ක්ටත් ඇරයුම් ලැබූ: ට්‍රම්ප්ගේ පළමු කැබිනට් රැස්වීම

රනිල් මහින්ද උමන්දාවට!

රනිල් මහින්ද උමන්දාවට!