මිනිස් පරිභෝජනයට ගෙන් වූ සහල් ගැන ප්‍රබලයෙක් කියන කතාව..

Government Of Sri Lanka Sri Lanka Food Crisis
By krishani Sep 16, 2022 01:09 AM GMT
krishani

krishani

Report

මිනිස් පරිභෝජනයට ගෙන්වූ සහල් සතුන් සඳහා ලබාදීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ එම සහල් සතුන්ට පමණක් පරිභෝජනයට සුදුසු බවට කෘෂිකර්ම අමාත්‍යවරයා සිදුකර තිබූ ආන්දෝලනාත්මක ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ය.

මේ අතර කෘෂිකර්ම අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය දරණ මතය කුමක්දැයි ගොවි අරගල ව්‍යාපාරය ප්‍රශ්න කරන අතර විදෙස් රටවලින් ආනයනය කෙරෙන සහල් සතුන්ට මිස මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා ය.