කුකුලන්ට සහල්ම දුන්නොත් දාන බිත්තරේ කහ මදේ සුදු වෙනවා. - කුකුලන්ට සහල් ප්‍රමාණයක් අවශ්‍යයි.
By Wayomi
මිනිස් පරිභෝජනයට අවශ්‍ය සහල් ප්‍රමාණය කොපමණද සත්ව පරිභෝජනයට කොපමණද රට තුළ නිවැරදි දත්ත නැති බව වෙළඳ, සමූපකාර ආහාර සුරක්ෂිතතා ඇමැති වසන්ත සමරසිංහ පවසනවා.
ඒ, ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
සතුන් සඳහා අවශ්‍ය සහල් ප්‍රමාණය සම්බන්ධයද තත්ත්වය එසේම බවත්, කුකුලන්ට සහල් ප්‍රමාණයක් අවශ්‍ය බවත් ඔවුන්ට සහල් විතරක් කෑමට දුන්නොත් කහ මදය සුදුවන බවත්,රජය සතුව මේ සම්බන්ධයෙන් නිවැරදි දත්ත ගබඩාවක් පිහිටුවිය යුතු බවත් ඔහු එහිදී සඳහන් කළා.
ඒ, හේතුවෙන් රටේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් වැඩ කරද්දී මේ සියලු කාරණා ගැන සිතිය යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
You may like this video