මේ රජයේ නිලධාරීන්ට දෙන වාහන පර්මිට් එකට විශාල තීරු බදු සහනයක්
විශ්‍රාම යාමේදී වාහන බලපත්‍ර ලබාගෙන ඇති ඉහළ පෙළේ රජයේ නිලධාරීන් සඳහා වාහන ආනයනයට අවසර ලබා දීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති වැඩපිළිවෙළ කුමක්ද යනුවෙන් අද දින පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා රජයෙන් විමසා සිටියා.
ඒ අද දින පාර්ලිමේන්තුවේදීයි.
"පහුගිය කාලවකවානුවේ රාජ්‍ය සේවකයින්ට විශේෂයෙන්ම රජය ඉහළ තනතුරු දරන නිලධාරීන්ට වාහන පර්මිට් එක ගත්තයින් පස්සේ ඔබතුමන්ලා ලබා දුන්න වර්ෂත් එක්ක උපරිම ගිහිල්ලා තියෙන්නේ අවුරුද්දට හත්සිය විසි පහයි. මේ වෙනකොට මේ නොලැබීම නිසා දැනටමත් සුදුසුකම් ලබන රජයේ නිලධාරීන් ඉන්නවා විසිදාහකට ආසන්න ප්‍රමාණයක්. ඒවගේම දැනට මේකෙන් විශ්‍රාම ගිහිල්ල එන්න ඇත්තටම එක්දාස් නවසීයක වගේ ප්‍රමාණයක් තමයි දැනට ඉන්නේ. මෙතන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඔවුන් වැඩ කරන කාලවකවානුව තුළ දෙවරක් පමණයි මෙහෙම පර්මිට් එකක් ලබාගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් අවුරුදු ගාණක් වැඩ කරල දැනට විශ්‍රාම ගිහිං ඉන්නවා 1900ක්. මූලික පියවරක් විදිහට ප්‍රමුඛතා ලේඛනයකට අනුව වැඩ කරනවා නම් මේ විශ්‍රාම ගිහිල්ලා ඉන්න 1900 වත් අඩුම තරමේ මාසෙකට සීය ගානේ දුන්නත් අඩුම තරමේ ඩොලර් ප්‍රමාණය අඩුවෙන්න පුළුවන්. ඒවගේම තමයි විශාල පිරිසක් ඉන්නවා පිටරටවල්වලින් තමන්ගේ නෑදෑයෝ දුවලා පුතාලා හරහා ඩොලර් පිටතට යන්නේ නැතුව වාහන ගෙන්ව ගන්න පුළුවන් අය. ඒ නිසා මං අහන්න කැමතියි ජනාධිපතිවරයා ඡන්ද කාලය කිව්වා පර්මිත් අහෝසි කරන් නෑ කියලා. හැබැයි එතුමා ගිය අයවැයේදී මෙතනදී කිව්වා පර්මිට් ඉවරයි දැන් කියලා. මං අහන්න කැමතියි පළවෙනියටම මේ 1900 ට සහ අනෙක් විසි දාහ දක්වා මේක ගෙවන්න වැඩ පිළිවෙළක් ඔබතුමාලා ළඟ තියෙනවද?"
මේ සඳහා පිළිතුරු ලබා දෙමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා සඳහන් කළේ,
"විසි දාහකට වැඩි ප්‍රමාණයක් නෑ. ඒ විසිදාහකට වැඩි ප්‍රමාණයක් ඉන්නේ සාමාන්‍ය පර්මිට් එක. ඔබතුමා අහන ප්‍රශ්න තියෙන්නේ විශ්‍රාම ගැනීමේදී ගන්න පර්මිට් එක. එතකොට විශ්‍රාම ගැනීමේදී ගන්න පර්මිට් එක දෙපාරක් වෙන්නෙ නෑ එක පාරයි එන නිලධාරියෙකුට. ඒකත් සුදුසුකම් සපුරපු නිලධාරියෙක් වෙන්න ඕනේ. මේකට එන්නේ සීමිත ප්‍රමාණයක් තමයි. හැබැයි මේකෙ යටතදි ලබා දෙන තීරු බදු සහනය කොටස් තුනක් වෙනවා පළවෙනි කාණ්ඩයට මිලියන 120ක සහනයක් ලබා දෙනවා. දෙවැනි කාණ්ඩයට මිලියන 160 ක් සහ 220 ක් ලෙස විශාල තීරු බදු සහනයක් ලබා දෙනවා. මේ වෙනකොට රජය මට්ටමින් සාකච්ඡා පවත්වාගෙන යනවා මේ නිලධාරීන්ට මොකද්ද කරන්න පුළුවන් කියලා."