විවාහ වෙන්න සහකරු සොයා ගත්තේ පත්තරේ දැන්වීමෙන්ද එහෙනම් පරිස්සමින්..

Sri Lanka Army Sri Lanka Wedding Crime
By Piyumika Jun 18, 2024 02:36 AM GMT
Piyumika

Piyumika

Report

මංගල දැන්වීම් පළකර ඒ ඔස්සේ තරුණියන් මුලාකරමින් වංචාවක නිරතවූ විශ්‍රාමික යුද හමුදා මේජර්වරයකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

අවශ්‍යතාවයක් සඳහා පන්සලට වැඩම කල බාලවයස්කාර හිමි නමට එම පන්සලේ චීවරධාරියෙකු කල දේ..

අවශ්‍යතාවයක් සඳහා පන්සලට වැඩම කල බාලවයස්කාර හිමි නමට එම පන්සලේ චීවරධාරියෙකු කල දේ..

දැනට කරන ලද විමර්ශනවලට අනුව මොහුගේ මංගල දැන්වීම්වලට හසුවූ තරුණියන් දසදෙනකු පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම සැකකරු පුවත්පත් දැන්වීම් පළකර වට්ස්ඇප් මාර්ගයෙන් ඡායාරූප හා තොරතුරු හුවමාරු කර හිතවත් වූ පසුව ඔවුන්ගෙන් ලක්ෂ ගණන් මුදල් වංචා කර ඇත.

මොහු තම රියැදුරාගේ දරුවා රෝහල් ගත කළ බව කියමින් එක් තරුණියකගෙන් රුපියල් ලක්ෂ දෙකක් වංචා කර ඇතැයි පරිගණක අපරාධ කොට්ඨාශය වෙත ලද පැමිණිල්ලක් ඔස්සේ කළ විමර්ශනයකදී මෙම සැකකරු ගැන කරුණු අනාවරණය වී ඇත.

රට පුරා පාසල් දරුවන් සම්බන්ධයෙන් දුක්බර ආරංචියක්..දෙමාපියන් මේ ගැන අවධානයෙන් ඉන්න..

රට පුරා පාසල් දරුවන් සම්බන්ධයෙන් දුක්බර ආරංචියක්..දෙමාපියන් මේ ගැන අවධානයෙන් ඉන්න..

අන්තර්ජාලය ඔස්සේ කාන්තාවන් වංචාවන්ට ගොදුරුවීම ඉහළ ගොස් ඇති බවත් ඒ ඔස්සේ මුදල් වංචා කිරීම් ගැන පැමිණිලි 150 කට අධික සංඛ්‍යාවක් ගතවූ කාලය තුළ ලැබී ඇති බවයි පරිගණක අපරාධ කොට්ඨාසය පවසූවේ.

පරිගණක අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි යටතේ මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුවේ.