රට පුරා පාසල් දරුවන් සම්බන්ධයෙන් දුක්බර ආරංචියක්..දෙමාපියන් මේ ගැන අවධානයෙන් ඉන්න..

Ministry of Education A D Susil Premajayantha Sri Lankan Schools Education
By Aruna Jun 18, 2024 02:00 AM GMT
Aruna

Aruna

Report

පසුගිය වසරේදී රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වූ දරුවන්ගේ සංඛ්‍යාව පෙර වසර දෙක හා සසඳන විට දාහත් දහස් එකසිය පහකින් අඩු වී තිබෙන බව වාර්තා වනවා.

පසුගිය වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වූ දරුවන්ගේ සංඛ්‍යාව දෙලක්ෂ අසූ හත්දහසක් වූ අතර 2021 වසරේ එම සංඛ්‍යාව තුන් ලක්ෂ හාර දහස් එකසිය පහක් වූ බවයි පැවසෙන්නේ.

දිවයින පුරා වැසි තත්ත්වය වෙනස් වෙයි..කාලගුණයෙන් දැනුම්දීමක්..

දිවයින පුරා වැසි තත්ත්වය වෙනස් වෙයි..කාලගුණයෙන් දැනුම්දීමක්..


2021 වසරට සාපේක්ෂව 2022 වසරේ එම සංඛ්‍යාව දෙලක්ෂ අනූ දෙදහස් පන්සිය දාහතක් දක්වා එනම් එකොළොස් දහස් පන්සිය අසූ අටකින් අඩු වී තිබෙනවා.

පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගේ මෙම අඩු වීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගිය පස් වසරක කාලයට අදාළව ඉපදුණු දරුවන්ගේ සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් අධ්‍යයනයක් කිරීමට තීරණය කර තිබෙන බවයි පැවසෙන්නේ.

ඒ අනුව අමාත්‍යවරයා කියා සිටියේ, මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩි අවධානයක් යොමු කිරීමට සිදු වන බවයි.

මේ අතර, වයස අවුරුදු හතර සම්පූර්ණ වූ සියලු දරුවන් පෙර පාසල්ගත කිරීමේ වැඩපිළිවෙළ ලබන ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට ද අමාත්‍යාංශය තීරණය කර ඇති අතර, ඒ සඳහා පෙර පාසල්වල ඉඩ නොමැති නම් රජයේ පාසල්වල ඉඩ ලබා දීමටද නියමිතව ඇත.

හයේ පහරවල් 18ක් එල්ල කළ යෝධයා.. ලොව වේගවත්ම ශතකයේ ලෝක වාර්තාව තැබූ හැටි මෙන්න..

හයේ පහරවල් 18ක් එල්ල කළ යෝධයා.. ලොව වේගවත්ම ශතකයේ ලෝක වාර්තාව තැබූ හැටි මෙන්න..