අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කෙරේ..!
2024 ජනාධිපතිවරණයේ අනුරාධපුර දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිපලය මේ වන විට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 285,944ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ ඉදිරියේ සිටියි.
එමෙන්ම, සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 202,289ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ සිටියි.
කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 82,152ක් පමණී.
2015 ජනාධිපතිවරණය
2015 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් තරග වැදුණේ, මෛත්‍රීපාල සිරිසේන යි.
එවරත් මහින්ද රාජපක්ෂ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන 7ම ජයග්‍රහණය කළ නිසා දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය හිමි වුණේ වැඩි ඡන්ද 42,754ක් ලබා ගනිමින්.
දිස්ත්‍රික්ක සමස්ථ ප්‍රතිපලය
මහින්ද රාජපක්ෂ- ඡන්ද 281,161 (53.59%)
මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 238,407 (45.44%)
තැපැල් ඡන්ද මහින්ද රාජපක්ෂ - 19,643 (45.82%)
මෛත්‍රීපාල සිරිසේන- 23,032 (53.72%)
2019ජනාධිපතිවරණය
2019 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ තරග වදින විට, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් තරග වැදුණේ සජිත් ප්‍රේමදාස යි. .
මෙහිදී ගෝඨාභය රාජපක්ෂ සියලු ආසන දිනා ගනිමින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කලේ වැඩි ඡන්ද 139,875 ක් ලබා ගනිමිනි.
දිස්ත්‍රික්ක සමස්ථ ප්‍රතිපලය
ගෝඨාභය රාජපක්ෂ - ඡන්ද 342,223 (5897%)
සජිත් ප්‍රේමදාස - ඡන්ද 202,348 (34.87%)
අනුර කුමාර - 22,879 (3.94%)
තැපැල් ඡන්ද
ගෝඨාභය රාජපක්ෂ - 28,957 (60.62%)
සජිත් ප්‍රේමදාස - 15,367 (32.17%)
අනුර කුමාර - 2,740 (5.74%)