මොනරාගල දිස්ත්‍රික්කයේ සමස්ත මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කෙරේ..!

Report

2024 ජනාධිපතිවරණයේ මොනරාගල දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිපලය මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 140,269ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ ඉදිරියේ සිටියි.

කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කෙරේ..!

කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කෙරේ..!

එමෙන්ම, සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 134,238ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ සිටියි.

කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 35,728ක් පමණී.

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

 මොණරාගල දිස්ත්‍රික්කය

පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් බවට පත් ව තිබුණි. එබැවින් එම වාසිය 2019 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂටත් ලැබුණා.

එම නිසාම ජනාධිපතිවරණ ඉතිහාසයේ මුල්මවරට මොණරාගල දිස්ත්‍රික්කය ඡන්ද ලක්ෂයක් ඉක්මවා ජයග්‍රහණය කළ අපේක්ෂකයා බවට පත් වීමට ගෝඨාභය රාජපක්ෂට හැකි වුණා.

2019 ජනාධිපතිවරණය

ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 208,814 (65.34%)

සජිත් ප්‍රේමදාස- ඡන්ද 92,539 (28.95%)

අනුර කුමාර දිසානායක - ඡන්ද 11,235 (3.52%)

තැපැල් ඡන්ද

ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 13,754 (63.42%)

සජිත් ප්‍රේමදාස- ඡන්ද 6,380 (29.42%)

අනුර කුමාර දිසානායක - ඡන්ද 1,340 (6.18%)

2015 ජනාධිපතිවරණය

මහින්ද රාජපක්ෂ- ඡන්ද 172,745 (61.45%)

මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 105,276 (37.45%)