ලබන සතියේ කරන්න යන දේ මෙන්න..තීරණය ලැබෙන දිනය හමුදාපති කියයි..

Curfew Shavendra Silva Sri Lanka Sudarashaneei
By Aruna Sep 15, 2021 05:13 AM GMT
Aruna

Aruna

Report

එන සතියේ දී යම් යම් සීමාවන්ට යටත්ව රට විවෘත කිරීමේ හැකියාවක් ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් එළඹෙන සිකුරාදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ දී ගන්නා බවද ඔහු කියා සිටියේය.

රට විවෘත කරන ආකාරය ගැන නිර්දේශය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ජනාධිපතිවරයාට මේ සතිය තුළ බාර දෙනු ඇති බව ද ඔහු පැවසීය. එම නිර්දේශ අනුව රට විවෘත කරන ආකාරය තීරණය කරන බවද ඔහු පවසයි.

රට විවෘත කළ ද පළාත් අතර සංචරන සීමා තවදුරටත් පවත්වාගෙන යෑමට සිදුවනු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

මේ අතර සති 4කට පැනවූ නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් මෙරට කොවිඩ් මරණ සහ ආසාදිතයින් වාර්තාවීම පහළ යමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය විශේෂඳ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළා.

ඒ අනුව ලබන සඳුදා සිට රට ක්‍රමානුකූලව විවෘත කළ හැකි බවයි ඇය කියා සිටියේ.

සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේගෙන් මාධ්‍යවේදීන් රට විවෘත කිරීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමකදියි ඇය මේ බව කියා සිටියේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ පවතින කොරෝනා රැල්ලේ අවධානම මෙතෙක් පහව ගොස් නොමැති බැවින් මෙම අවස්ථාවේ රට විවෘත කිරීම සම්බන්ධයෙන් සිතා බැලිය යුතු බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now