සංචරණ සීමා සම්බන්ධයෙන් ප්‍රභලයෙක් ගත් තීරණය මෙන්න.
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ සිදුකෙරෙන කොවිඩ් මර්දන එන්නත්කරණ ඉලක්කය සම්පූර්ණ කිරීම හේතුවෙන් පනවා ඇති සංචරණ සීමාවන් ලිහිල් කිරීමට තීරණය කර තිබේ.
එම ප්‍රාන්තයේ කොවිඩ් මර්දන එන්නත් පළමු මාත්‍රාව ලබාදීමේ ඉලක්කය 70% ක් දක්වා සම්පූර්ණ කර ඇති අතර දෛනිකව වාර්තා වන කොවිඩ් -19 ආසාදිතයින්ගේ පහළ යාමක්ද පෙන්නුම් කරන බව එරට සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට පැනවූ සංචරණ සීමාවන් ලිහිල් කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.
කෙසේවෙතත් එරට නව කොවිඩ් ව්‍යාප්තියේ ආරම්භය සිදූවූ සිඩ්නි ප්‍රාන්තයට පනවා තිබූ සංචරණ සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව සඳහන් වේ.
දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ පහළ යාමක් පෙන්නුම් කළ ද ඒ පිළිබඳ තවදුරටත් සලකාබැලීමට සිදුවීම හේතුවෙන් සිඩ්නි නගරයට පනවා ඇති සංචරණ සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක බව එරට බලධාරීන් සඳහන් කර තිබේ.
මේ අතර සති 4කට පැනවූ නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් මෙරට කොවිඩ් මරණ සහ ආසාදිතයින් වාර්තාවීම පහළ යමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය විශේෂඳ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළා.
ඒ අනුව ලබන සඳුදා සිට රට ක්‍රමානුකූලව විවෘත කළ හැකි බවයි ඇය කියා සිටියේ.
සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේගෙන් මාධ්‍යවේදීන් රට විවෘත කිරීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමකදියි ඇය මේ බව කියා සිටියේ.
එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන නොමැති මන්නාරමේ වැසියන්ට අද සිට මුහුදු යාමට හෝ පොදු ස්ථානවල ගැවසීම තහනම් කිරීමට කටයුතු කර ඇති බව මන්නාරම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එස්. විනෝදන් ප්‍රකාශ කළා.
මන්නාරමේ කොවිඩ් කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර, පොලිස් මුර පොළවල් සහ ධීවර තොටුපලවල්වලදී එන්නත් කාඩ්පත් පරීක්ෂා කිරීමටයි තීරණය කර ඇත්තේ.
මන්නාරම් වැසියන් හා ඉන්දීය ජාතිකයන් අතර සබඳතා ඉහළ යාමද මෙම තීරණයට හේතු වී තිබෙනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ පවතින කොරෝනා රැල්ලේ අවධානම මෙතෙක් පහව ගොස් නොමැති බැවින් මෙම අවස්ථාවේ රට විවෘත කිරීම සම්බන්ධයෙන් සිතා බැලිය යුතු බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |