තුන් වන මට්ටමේ ප්‍රහසනයක් නිෂ්පාදනය කිරීමට උත්සහ දරමින් සිටි.. ආරුගම්බේ සිද්ධිය ගැන ඉරානයේ ප්‍රතිචාරය..

Donald Trump Sri Lanka Iran Arugam Bay
By Piyumika Nov 11, 2024 04:06 AM GMT
Piyumika

Piyumika

Report

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ දැරීමේ කුමන්ත්‍රණයට මෙන්ම මෙරට රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති ෆර්හාඩ් ෂකේරි නැමැත්තා සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍යශංය ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ උත්සාහයට ඉරානය සම්බන්ධ බවට එල්ල වන චෝදනා එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්ය.

අහම්බෙන් විසි වී වුනාද..හිතලම තල්ලු කරාද..පළාගිය අයෙක් සොයා විමර්ශන..

අහම්බෙන් විසි වී වුනාද..හිතලම තල්ලු කරාද..පළාගිය අයෙක් සොයා විමර්ශන..

ප්‍රතිවිරුද්ධ මතදාරී රටවල් දෙක අතර විශ්වාසය ගොඩනැඟීමට කටයුතු කරන ලෙස අමෙරිකාවෙන් ඉල්ලා සිටින බව ඉරාන විදේශ අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

සිය "x" ගිණුමේ සටහනක් තබමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි මේ බව සඳහන් කර තිබේ.

වර්තමානයේ නව ජවනිකාවක් නිර්මාණය කරමින් තුන් වන මට්ටමේ ප්‍රහසනයක් නිෂ්පාදනය කිරීම සඳහා ඇතැම් පාර්ශව උත්සහ දරමින් සිටින බව ඔහු සඳහන් කර ඇත.

අමෙරිකානු ජනතාව ඔවුන්ගේ තීරණය ගෙන ඇති බව සඳහන් කරන ඉරාන විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමට පවතින අයිතියට ගරුකරන බවද සඳහන් කර තිබේ.

අම්බලන්ගොඩ මිනී මැරුමට අදාළ සැකකරුවන් පැමිණි යතුරුපැදිය හමුවෙයි..

අම්බලන්ගොඩ මිනී මැරුමට අදාළ සැකකරුවන් පැමිණි යතුරුපැදිය හමුවෙයි..

ඉරානය පසු වන්නේ න්‍යෂ්ටික අවි පසුපස ගමන් කරන කාල පරිච්ඡේදයක නොවන බව ඉරාන විදේශ අමාත්‍යවරයා සිය X ගිණුමේ සඳහන් කර ඇත.

විශ්වාසය ගොඩනැංවීම දෙපාර්ශ්වයේම අත්‍යවශ්‍ය කරුණක් බවත් එය තනි මාවතක් නොවන බව ද ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

88-89 අපරාධ විමර්ශනය කර විජේවීර ඇතුළු මියගිය ජනතා විමුක්ති පෙරමුණේ විරුවන්ගේ ජීවිතවලට යුක්තියක් දෙන්න..

88-89 අපරාධ විමර්ශනය කර විජේවීර ඇතුළු මියගිය ජනතා විමුක්ති පෙරමුණේ විරුවන්ගේ ජීවිතවලට යුක්තියක් දෙන්න..

අමෙරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා ප්‍රකාශ කළේ ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ සාමාජිකයෙකු වන ෆර්හාඩ් ෂකේරි විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බවය. එමෙන්ම ඔහු මෙරට ඊශ්‍රායල වැසියන් ඉලක්ක කර ගනිමින් ආරුගම්බේ ප්‍රහාරය සැලසුම් කර ඇති බව ද අමෙරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පැවසීය.

ෂකේරි 2019 වසරේ දී මහා පරිමාණ හෙරොයින් ජවාරමකට අදාළ ව මෙරට දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකු වන ඔහු මේ වන විට ඉරානයේ රැඳී සිටින බවට විශ්වාසකරන බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.  

ReeCha