අනාරක්ෂිත ළිඳට වැටුණු තරුණයා අසීරුවෙන් ගොඩ ගත්තත් ඒ වන විටත් මිය ගිහින්

Report

කළුතර දකුණ ගල්ලස්සේන ගුණතිලක වත්තේ අනාරක්ෂිත ළිඳකට තරුණයෙකු ඇද වැටී ඇත. මෙය සැලවූ වහාම ගිනි නිවන බටයින් දැඩි පරිශ්‍රමයකින් ඔහුව ගොඩට ගෙන ඒම සඳහා ක්‍රියාමාර්ග ගත්තත් ඔහු ගොඩට ගේන විටත් මියගොස් ඇති බවට සැලවේ.

මෙයාකාරයෙන් අනාරක්ෂිත ළිඳට වැටී ඇත්තේ කළුතර දකුණ වෙනිවෙල්කැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු විසිපහක් පමණ වන ඉසුරු විදුශාන් නැමැති විවාහක තරුණයෙකි.

මේ අනාරක්ෂිත ළිඳ අසලින් පුද්ගලයෙකුට කිසියම් ශබ්දයක් ඇසුණු බවට ප්‍රදේශවාසීන් පැවසීමෙන් අනතුරුව සිදු කළ පරීක්‍ෂණයේදී කිසිදු පුද්ගලයෙක් ළිඳ තුළ නොසිටි බවට සඳහන් කරයි.

ඉදිරි මාස කීපයපය තුළ ගුරු වෘත්තියට යන්න ඉන්න අයට සුභ ආරංචියක්

ඉදිරි මාස කීපයපය තුළ ගුරු වෘත්තියට යන්න ඉන්න අයට සුභ ආරංචියක්

පසුව ළිඳේ ජලය ඉස කළුතර මහනගර සභාවේ ගිනිනිවීමේ ඒකකයේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේ දී ළිඳට වැටුණු තරුණයා ළිං පතුලේ සිටිය දී සොයාගෙන ඇත.

පැය එකහමාරක පමණ ළිං පතුලේ සිටි අදාළ තරුණයාව දැඩි පරිශ්‍රමයකින් අනතුරුව ගිනිනිවන භටයින් විසින් ඉනිමඟක් ආධාරයෙන් ගොඩ ගෙන තිබුණි.

පසුව ගිලන්රථයක් මඟින් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇතැයි වාර්තා වේ. කළුතර ආපදා කළමනාකාර ඒකකයේ රාජකාරි කරන යුද හමුදා සෙබළුන් සහ කළුතර දකුණ පොලිස් නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් ද මෙම තරුණයාව ගොඩට ගැනීම සඳහා සහාය දක්වා ඇත.

මෙම තරුණයා මෙම අනාරක්ෂිත ලෙස ළිඳට වැටුණු ආකාරය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

ගිනි ගණන් වුණ අද රන් මිල - බැස්සට වඩා ගොඩක් ගණන් ගිහින්

ගිනි ගණන් වුණ අද රන් මිල - බැස්සට වඩා ගොඩක් ගණන් ගිහින්