අධ්‍යාපන ඇමතිව ඉවත් කරන්න ඉල්ලීම් - කැබිනට් මාරුවක් එනවද?
දේශය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සංදේශයක් යොමු කරමින්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කර කැබිනට් සංශෝධනයක් සිදු කරන ලෙස ඉල්ලා තිබේ.
එම සංදේශයේදී උන්වහන්සේ පෙන්වා දෙන්නේ, අග්‍රාමාත්‍යවරියගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන අත්තනෝමතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් රට, ජනතාව සහ බුද්ධ ශාසනය බරපතළ අනතුරකට මුහුණ දී ඇති බවයි. මෙම ආණ්ඩුවේ දුර්වලකම සහ ජනතාව පිළිබඳ තැකීමක් නොමැතිකම නිසා රටට සහ ජනතාවට සෘජු හානියක් සිදුවන බවත් උන්වහන්සේ අවධාරණය කර ඇත.
"මගේ නළල ඉඹලා මාව රූම් එකට අරන් ගියා" - ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු ජරා වැඩේ පත්තුවෙයි
ප්‍රතිසංස්කරණවල ගැටලු:
- භික්ෂූන් වහන්සේලා, අන්‍යාගමික පූජකවරුන්, ගුරුවරුන් සහ අධ්‍යාපන විශේෂඥයින්ගෙන් අදහස් ලබාගෙන නොමැති බැවින් විනිවිදභාවයෙන් තොර බව.
- ප්‍රතිසංස්කරණ ගෙන ආ ක්‍රමවේදය මුල සිටම වැරදි සහගත බවත්, එහි වලංගුතාවයක් නොමැති බවත් සඳහන්.
භික්ෂුවකගේ ඓතිහාසික යුතුකම ඉටු කරමින් මෙම අනතුරින් රට, ජනතාව සහ බුද්ධ ශාසනය බේරා ගැනීමට ජනාධිපතිවරයා කඩිනමින් කටයුතු කරනු ඇතැයි උන්වහන්සේ අපේක්ෂා කරන බව සංදේශයේ වැඩිදුරටත් දක්වා ඇත.