අර මිහින්තලේ වනචාරියා කියන්නෙම කුණුහරුප - හරිනිට බැන්නට ලාල් කාන්තට කේන්ති යයි
අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසන පරිදි, වර්තමාන ප්‍රධාන මාතෘකාව අධ්‍යාපනය වුවද, කිසිම අවශ්‍යතාවයක් නොමැතිව, ඇතැම් පාර්ශව අග්‍රාමාත්‍යවරියගේ පෞද්ගලික තොරතුරු පිළිබඳ අවධානය යොමු කරමින් සිටින බවයි.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, අධ්‍යාපනය පිළිබඳ වඩාත් වැදගත් සාකච්ඡා සිදු විය යුතු මාතෘකාව තිබුණ ද, බොහෝ දෙනා විශේෂයෙන්ම ආගමික නායකයින් යැයි කියාගන්නා පිරිසක් අග්‍රාමාත්‍යවරියගේ හැසිරීම්, චර්යා රටාවන් සහ කැමැති, අකමැති දේවල් පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන බවයි.
ඔවුන් අධ්‍යාපන පද්ධතියේ යථාර්ථ වෙනස්කම් පිළිබඳ සාකච්ඡා නොකරන බවද, වත්මන් රජය අපේක්ෂා කරන්නේ “අධ්‍යාපන ප්රතිසංස්කරණයක්” නොව “අධ්‍යාපන පරිවර්තනයක්” බවයි අමාත්‍යවරයා කියා සිටී.
අධ්‍යාපන පරිවර්තනය යන්න වර්තමාන යුගයේදී රටට අවශ්‍ය සමස්ත අධ්‍යාපන පද්ධතියේ විප්ලවීය වෙනසක් බවත්, ඒ වෙනුවට විරෝධය දක්වන සහ අග්‍රාමාත්‍යවරිය විවේචනය කරන පුද්ගලයන්ගේ අධ්‍යාපන මට්ටම ඔවුන්ගේ හැසිරීම් මගින් පෙනෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
උදාහරණයක් ලෙස, අමාත්‍යවරයා සඳහන් කළේ, ‘විශේෂයෙන් මීහින්තලේ ඉන්න වනචාරියා තනිකර කතා කරන්නේ කුණුහරුප’ යනුවෙන් සඳහන් කෙරූ ඔහු අශෝභන හෝ කුණුහරුපයෙන් කතා කිරීම මගින් ඔවුන්ගේ පවතින අධ්‍යාපන ස්වභාවය පෙන්වන බව ප්‍රකාශ කළේය.