ප්‍රජනනයට බලපෑම් ඇති වූ සාගර ජිවීන්..
ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් මුහුදු මත්ස්‍යයින්ගේ ප්‍රජනන ක්‍රියාවලියට බලපෑම් එල්ල වී තිබෙනවා.
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් සාගර ජීවින් උතුරු හා දක්ෂිණ ධ්‍රැවවලට ආසන්න සීතල ජලය දෙසට ගමන් කරන බව ය.
එක්සත් රාජධානියේ ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ, සාගරය උණුසුම් වීම නිසා සාගර මත්ස්‍ය ගහනය ශිත ධ්‍රැව දෙසට මාරු වෙමින් හෝ ගැඹුරු ජලය වෙත ගමන් කරන බවයි.
මත්ස්‍යයින් වැනි සාගර ජීවීන් සඳහා, අවට ජලයේ උෂ්ණත්වය, ඔවුන්ගේ වර්ධනය සහ ප්‍රජනනය වැනි තීරණාත්මක ක්‍රියාකාරකම් වලට දැඩි බලපෑමක් එල්ල කරයි.
එමෙන්ම සාගර සත්ත්ව විශේෂවලට බොහෝ විට ජීවත්විය හැකි උෂ්ණත්ව පරාසයක් ඇති අතර එමඟින් ජලයේ කුඩා වෙනස්කම් පවා දරාගත නොහැක.
මෙම අධ්‍යයනයෙන් සියලුම ප්‍රධාන සාගර කලාපවල විහිදී ඇති සාගර සත්ත්ව විශේෂ 115ක් පිළිබඳ දත්ත විමර්ශනය කර ඇති බව Global Change Biology සඟරාවේ සඳහන් කර ඇත.
කෙසේවෙතත් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, සාගර සත්ත්ව විශේෂයන් ශීත ධ්‍රැව දෙසට ගමන් කිරීම නිසා පරිසර පද්ධතියේ වෙනසක් සිදුවන අතර එය සැලකිය යුතු තත්ත්වයක් බව ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |