පකිස්ථානයේ ගැටුම් උත්සන්න වෙයි - පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉම්රාන් ඛාන් ගැන වහාම නියෝගයක්..

Pakistan Imran Khan
By krishani May 11, 2023 02:29 PM GMT
krishani

krishani

Report

හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී ලෙස හදුන්වමින් පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු වහාම නිදහස් කිරීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ අල්-කදර් භාරයේ නඩුවේදී ඔහු අත්අඩංගුවට ගැනීමට එරෙහි අභියාචනය විභාග කරන අතරතුර දී ය.

පාකිස්තානයේ ජාතික වගවීමේ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන සිටි ඉම්රාන් ඛාන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.

මේ අතර, ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමග පාකිස්තානයේ පැවති විරෝධතා අතරතුර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එයින් පොලීසිය සහ විරෝධතාකරුවන් අතර පැවැති ගැටුම්වලින් විරෝධතාකරුවන් 08 දෙනෙකු මියගොස් 1750 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.

කෙසේවෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා කළේ විරෝධතා අතරතුර කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 1400ක පමණ පිරිසක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join