ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳකට මංගල සීනු හැඬවෙයි..(PHOTOS)

By Sewvandhi Dec 24, 2022 04:36 PM GMT
Report

ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිදක් වන මාධ්‍යවේදිනී රෙහාම් ඛාන් යුග දිවියට පිවිස ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ඇය 49 හැවිරිදි වියේ පසු වනවා.

ඇය 2014 වසරේදි ඉම්රාන් ඛාන් සමඟ විවාහ වූ අතර 2015 වසරේදී දික්කසාද වූවාය.

රෙහාම් ඛාන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින පාකිස්තාන නළුවකු වන මිර්සා බිලාල් සමඟ සියැටල් නගරයේදී විවාහ වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

රෙහාම් සහ බිලාල් දෙදෙනාගේම තුන්වෙනි විවාහය මෙය බව විදෙස් මාධ්‍ය පවසයි, එසේම දෙදෙනාගේ විවාහයේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කෙරුණි.

එලෙස ප්‍රසිද්ධියට පත්කළ ඡායාරූපය පහතින්...

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery