පාරිභෝගිකයින්ට සතුටුදායක ආරංචියක්..නිෂ්පාදන රැසක මිල ගණන් පහළ දමයි..
By Aruna
වහාම ක්‍රියාත්මක වන පරිදි රසකැවිලි වල මිල සියයට 10 ත් 13 ත් අතර මිලකින් අඩු කිරීමට තීරණය කර තිබෙන බව ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
ඒ අනුව සියලුම නිෂ්පාදන කාණ්ඩ හරහා රසකැවිලි නිෂ්පාදනවල මිල පහත වැටීමක් සිදුවන බව එහි සභාපති එස්.එම්.ඩී.සූරියකුමාර පැවසුවේය.
ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකක මිල පහත වැටී තිබීම මෙසේ වෙළඳපොලේ රසකැවිලි ද්‍රව්‍යවල මිල අඩු කිරීමේ තීරණයට බලපෑ බවද ඔහු සඳහන් කරයි.
රසකැවිලි නිෂ්පාදනය සඳහා භාවිත කරන සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 40 කින් පහත වැටී ඇති අතර එළවළු තෙල් කිලෝවක මිල රුපියල් 250 කින් පමණ පහත වැටී ඇති බව ඔහු අනාවරණය කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |