බදුල්ල සහ පස්සරට රතු නිවේදන..
By Hashini
ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක ,වැලිගෙපොළ ,කොලොන්න ,ඉඹුල්පේ සහ බලංගොඩ යන ප්‍රදේශවලට නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
එමෙන්ම බදුල්ල, රත්නපුර, ගම්පහ, හම්බන්තොට, මහනුවර, කෑගල්ල ,කුරුණෑගල, මාතර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකටත් එම නිවේදන නිකුත් කර තිබෙනවා.
එය අද (24) සවස 3.30 දක්වා බලපැවැත්වෙනු ඇති.


