රට පැන්න අපරාධකාරයෝ 30කට රතු නිවේදන පොලීසය එක්ක ආයේ සෙල්ලම් බෑ
පොලිසිය වාර්තා කරන ආකාරයට විදේශ රාජ්‍යයන්වල සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 30 දෙනෙකුට එරෙහිව මේ වන විට රතු නිවේදන නිකුත් කර ඇති බවයි.
අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර්මහතා පැවසුවේ එම අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරියේදී මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවටය.
එමෙන්ම වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා මෙහෙයුම්වලින් පුද්ගලයින් 5,100,000 පරීක්ෂාවට ලක්කර ඇති අතර, එහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 104,000 අතරින් පුද්ගලයින් 4,630ක්ම විවිධ අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් බවට අනාවරණ වී ඇතැයි ද ඔහු පවසයි.
