ඉන්දියානු නාවික හමුදා නැවක් ලංකාවට ගොඩබාලා මොකක්ද හේතුව
අද (20) ඉන්දීය නාවික හමුදාවට අයත් “සත්පුර” නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ලංකාවට පැමිණි බව ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කරයි.
එලෙස පැමිණීමේදී එම නෞකාව කොළඹ වරායේදී නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගත් බව නාවික හමුදාව පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව වාර්තා කරන්නේ , මෙලෙස දිවයිනට පැමිණි Frigate වර්ගයට අයත් ‘සත්පුර” නෞකාව, දිගින් මීටර් 142.5 ක් හා නැව් මුළුව 403 ක් වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් 'විකාස් ගරු" කටයුතු කරන බවයි.
එමෙන්ම මෙම නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව ඇතැයි නාවික හමුදාව පවසයි.
