නායයෑම් අනතුරු ඇඟවීම - මේ පැති අනතුරේ
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබු නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇත.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ දොලුව, උඩුදුම්බර, මිනිපේ සහ මැදදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, නිල්දණ්ඩාහින්න, වලපනේ සහ හගුරන්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට ද නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේය.
අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න
බදුල්ල දිස්ත්‍රික්කය: - බදුල්ල - සොරණාතොට - හාලි ඇල - පස්සර - ලුණුගල - මීගහකිවුල - කන්දකැටිය
මහනුවර දිස්ත්‍රික්කය: - ගඟවට කෝරළය - පාතහේවාහැට - අකුරණ - යටිනුවර - තුම්පනේ - හාරිස්පත්තුව - පූජාපිටිය - පස්බාගෙ කෝරළය - හතරලියද්ද - කුණ්ඩසාලේ - උඩුනුවර - දෙල්තොට - පාතදුම්බර - පන්විල - උඩපළාත - ගඟ ඉහළ කෝරලේ
කුරුණෑගල දිස්ත්‍රික්කය: - රිදීගම මාතලේ දිස්ත්‍රික්කය: - නාඋල - රත්තොට - අඹන්ගග කෝරළය - උකුවෙල - විල්ගමුව - යටවත්ත - මාතලේ - පල්ලෙපොල - ලග්ගල පල්ලේගම නුවර එළිය දිස්ත්‍රික්කය: - නුවරඑළිය
අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න
බදුල්ල දිස්ත්‍රික්කය: - හපුතලේ - ඌව පරණගම - වැලිමඩ - ඇල්ල - බණ්ඩාරවෙල - හල්දුම්මුල්ල
කුරුණෑගල දිස්ත්‍රික්කය: - පොල්ගහවෙල - අලව්ව - මාවතගම - මල්ලවපිටිය
නුවරඑළිය දිස්ත්‍රික්කය: - තලවකැලේ - නෝර්වුඩ් - අඹන්ගමුව කෝරලේ - කොත්මලේ බටහිර - කොත්මලේ නැගෙනහිර