මේ පැති 4ට රතු නිවේදන

Report

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 04ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, තුම්පනේ, මැදදුම්බර, අකුරණ, කුණ්ඩසාලේ, උඩුනුවර, දොළුව, උඩුදුම්බර, පාතහේවාහැට, හාරිස්පත්තුව, මිනිපේ, ගඟවට කෝරළය, පස්බාගේ කෝරළය, පන්විල, හතරලියද්ද, යටිනුවර, පාතදුම්බර, දෙල්තොට, පූජාපිටිය සහ උඩපළාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

ඉදිරි පැය 36 දී රටට වෙනදේ මෙන්න

ඉදිරි පැය 36 දී රටට වෙනදේ මෙන්න

මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල, අරණායක, ගලිගමුව, රඹුක්කන, බුලත්කොහුපිටිය, යටියන්තොට, මාවනැල්ල සහ කෑගල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන්ය.

රජයෙන් ඉඩම් දෙනවලු - දැන් ඉන්න ඉඩම රජය පවරා ගනී

රජයෙන් ඉඩම් දෙනවලු - දැන් ඉන්න ඉඩම රජය පවරා ගනී

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, නාරම්මල, පොල්ගහවෙල, මල්ලවපිටිය, අලව්ව සහ මාවතගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්

ඊට අමතරව මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත, මාතලේ, අඹන්ගඟ කෝරළය, පල්ලේපොල, ලග්ගල පල්ලේගම, රත්තොට, නාඋල, උකුවෙල සහ විල්ගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ.