දිස්ත්‍රික්ක 6ක් සඳහා අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කෙරේ..!
By Sewvandhi
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 06 කට අද පස්වරු හතරේ සිට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑලිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලටයි නායයෑම් අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ.
එය හෙට පස්වරු හතර දක්වා බල පැවැත්වෙනවා.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග කොටසේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩි වීමක් හා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |