ඉතිහාසයේ පළමුවරට විශාල ලෙස මාළු මිල ඉහළට ඉදිරියේදී දෙගුණයක මිල වැඩිවීමක් - නව අගයන් මෙන්න

Report

වාරකන් කාලය නිමවී තිබුණද මුහුදේ මාළු අස්වැන්න නොමැතිවීම හේතුවෙන් ඉතිහාසයේ කිසි දිනක වාර්තා නොවූ පරිදි සාලයා සහ හුරුල්ලාගේ සිට සියලුම මාළු වර්ගවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා සඳහන් කරයි.

ඉන්දීය ධීවරයන් ට්‍රෝලිං යාත්‍රා යොදාගනිමින් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල මසුන් ඇල්ලීම නිසා මාළු පැටවුන් විනාශ වී යාම සහ මාළුවන් බෝ කිරීමට අදාළ වගකිවයුතු ආයතන නිසි පියවර නොගැනීම හේතුවෙන් රට වටා මුහුදේ බරපතළ ලෙස මාළු හිඟයක් ඇතිවී තිබේ.

දැනට පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයට ලැබෙන මාළු ප්‍රමාණය විශාල ලෙස අඩුවී ඇති අතර, දකුණු මුහුදු තීරයෙන් ලැබෙන මත්ස්‍ය අස්වැන්න නොවන්නට පවතින මිල ගණන් තවත් දෙගුණයකින් වැඩිවීමේ අවදානමක් පැවැති බව ද සභාපතිවරයා පෙන්වා දෙයි.

දෙවිනුවර, ගන්දර ප්‍රදේශයේ වෙඩි තැබීමක් - ගෙදරටම ඇවිත් වෙඩි තියලා

දෙවිනුවර, ගන්දර ප්‍රදේශයේ වෙඩි තැබීමක් - ගෙදරටම ඇවිත් වෙඩි තියලා

මෙලෙස මිල ගණන් අධික ලෙස ඉහළ යාම නිසා සිල්ලර වෙළෙඳුන් මාළු මිලදී ගැනීමට නොපැමිණෙන අතර, සාමාන්‍ය ජනතාවට සාලයා හෝ හුරුල්ලා වැනි සරල මාළු වර්ගයක්වත් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.

ඊයේ (21) දිනට අදාළව පෑලියගොඩ වෙළඳපොළේ සාලයා කිලෝවක් රුපියල් 1200කටත්, හුරුල්ලා කිලෝවක් රුපියල් 1500කටත්, ලින්නා කිලෝවක් රුපියල් 900කටත්, පරව් කිලෝවක් රුපියල් 1000කටත්, තලපත් කිලෝවක් රුපියල් 2500කටත්, කොප්පරා කිලෝවක් රුපියල් 3000කටත්, ලොකු දැල්ලා කිලෝවක් රුපියල් 2000කටත් සහ තෝරා කිලෝවක් රුපියල් 3300කටත් වැනි ඉහළ තොග මිල ගණන් යටතේ සටහන් වී තිබුණි.

වහාම ක්‍රියාත්මක පරිදි නැවතත් තෙල් මිල සංශෝධනයක් - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක පරිදි නැවතත් තෙල් මිල සංශෝධනයක් - නව අගයන් මෙන්න