හෝටල් පරිශ්‍රයේ සිදු වූ දරුණු පිපිරීමට හේතුව හෙළි වෙයි..(VIDEO / PHOTOS)
By Sithumi
කොළඹ තුරඟ තරග පිටිය ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක පහත මාලයේ හටගත් ගින්න ගෑස් කාන්දුවකින් සිදුවී ඇති බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.
අද අලුයම 03.00 ට පමණ මෙහි පහත මාලයේ ජාත්‍යන්තර අවන්හලක ගින්නක් හටගත් අතර එය ගෑස් කාන්දුවකින් සිදුවූ බවට සිදුකළ මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වුණි.
කෙසේවෙතත් ගින්න හටගත් අවස්ථාවේදී ගොඩනැගිල්ලේ පිපිරීමක් ද සිදුව ඇති අතර ඒ හේතුවෙන් ගොඩනැගිල්ලට දැඩි අලාභ හානි සිදුව තිබුණි. ගින්නෙන් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ අදාළ ගොඩනැගිල්ල ඉදිරිපිට පිහිටි රථගාලේ රැඳී සිටි තරුණයින් දෙදෙනෙකු එලෙස සුළු තුවාල ලබා ඇති බවය.
ඔවුන් දෙදෙනා රෝහල වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |





