දරුවන් කොවිඩ් ආසාදිතව මිය යෑමට හේතුව..?

covid19 infection vaccination Chithr Mali De Silva children dead
By Sewvandhi Sep 07, 2021 12:43 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පසුගිය වසරේ සිට මේ දක්වා ගර්භණී කාන්තාවන් 5,500 කට පමණ කොවිඩ් -19 වෛරසය වැලඳී ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවාය.

ඒ අතරින් ගැබිනි කාන්තාවන් 40 දෙනෙකු ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව මාතෘ හා ළමා සෞඛ්‍ය, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලී ද සිල්වා මහත්මිය සඳහන් කළාය. එසේ මියගිය ගර්භණී කාන්තාවන් අතරින් බොහෝ පිරිසකට වෙනත් සංකූලතා සහ වෙනත් නිධන්ගත ආබාධ තිබූ බවද ඇය සඳහන් කරයි.

ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ගර්භණි කාන්තාවන්ට කොවිඩ් රෝගයෙන් ආරක්ෂාවීමට ඇති හොඳම විසඳුම එන්නත්කරණය බවය. මේ වනවිට මෙරට ගර්භණී කාන්තාවන්ගෙන් 70%ක් පමණ එන්නත්කරණයට ලක්වී ඇති බවද චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවාය.

"කොවිඩ් ආසාදිත මවකට වුණත් මව්කිරි දීම දිගටම කරගෙන යන්න පුළුවන්. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිත කරමින්. සියලුම ළදරු හා දරුවන් අතර වන මරණ අපි විමර්ශනය කරනවා. කොවිඩ් ආසාදනය වූ අයගේ මරණ නම් විශේෂ විමර්ශනයක් කරනවා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ කමිටුවක් දාලා දැනටමත් එම ළදරු මරණ සහ ළමා මරණ කිහිපයක විමර්ශන කරලා තියෙන්නේ. දරුවන් මියයෑම බහුල වශයෙන් සිදුවෙලා තිබෙන්නේ යම් රෝගාබාධ තියෙන දරුවන්. සමහරවිට පිළිකා රෝග, හෘද රෝග තත්ත්ව, ලියුකේමියා වගේ රෝග තත්ත්ව තියෙන ළදරුවන්. උපතින්ම සංජානනීය ආබාධ තියෙන දරුවන්. ඒ අයට කොවිඩ් ආසාදනය වූ විට මරණයට පත් වෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now