රළුකමක් පෙන්නන උතුරේ ඇමති කියන කතාව..

Jaffna Local government Election National People's Power - NPP Ramalingam Chandrasekar Sinhala news
By Shehan Apr 18, 2025 05:17 AM GMT
Shehan

Shehan

Report

ජනතාව වෙනුවෙන් තමන් කැපවී කටයුතු කිරීම රළුකමක් නම්, එවැනි රළුකමක්  වීම ගැන තමන් සතුටට පත්ව සිටින බවයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ඊයේ (17) යාපනයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ඔහු තවත් පැවසුවේ:

තව පැය කිහිපයයි.. - පාස්කු ප‍්‍රහාරයේ මහා හෙලිදරවුවට සියල්ල සූදානම්

තව පැය කිහිපයයි.. - පාස්කු ප‍්‍රහාරයේ මහා හෙලිදරවුවට සියල්ල සූදානම්

“පසුගිය කාලය තුළ වංචා, දූෂණවලට සම්බන්ධ වූ අයෙකුට නීතිය ක්‍රියාත්මක වේවි. ඔවුන්ගේ ලිපිනය වන්නේ බන්ධනාගාරය වනු ඇත.

හිටපු අමාත්‍යවරුන් සහ හිටපු ප්‍රධාන ඇමැතිවරුන්ද දැන් බන්ධනාගාරයට යන පිවිසුම සොයමින් සිටිති. එසේම ඝාතනවල, මනුෂ්‍ය අවිහරණවල සම්බන්ධතාවක් ඇති අය එම තීන්දුවෙන් බේරි නොයති. අපි නීතිය ක්‍රියාත්මක කරන විට, ජාතික ජන බලවේගය පළිගැනීමේ දේශපාලනයක් කරමින් සිටී යයි චෝදනා කරති. නමුත් අපට කිසිවෙකු සමඟ පුද්ගලික වෛරයක් නැහැ. අපි නීතිය අතට ගන්නේ නැහැ. එය සිදු වන්නේ අධිකරණ පද්ධතිය හරහායි.

උතුරේද ඉඩම් සොරකම් කළ අය සිටී. මනුෂ්‍යයන් පැහැරගෙන ගිය අය සිටී. මාධ්‍යවේදීන් ඝාතනය කළ අය සිටී. ජනතා ඉඩම් පල්ලාපත් කළ අය සිටී. ඔවුන්ට එරෙහිවද ඉතා ඉක්මනින් පියවර ගන්නවා.

ආණ්ඩුව මතක තියාගන්න - "පිල්ලෙයාන් කියන්නේ ප්‍රභාකරන් එක්කත් හැප්පිලා ජයග්‍රහණය කළ කෙනෙක්"

ආණ්ඩුව මතක තියාගන්න - "පිල්ලෙයාන් කියන්නේ ප්‍රභාකරන් එක්කත් හැප්පිලා ජයග්‍රහණය කළ කෙනෙක්"

ජනතාවගේ සාමය බිඳ හෙළූ අය දැන් කම්පනයට ලක්වී ඇත. ඔවුන් දැන් කියන්නේ 'චන්ද්‍රසේකර රවුඩියෙක්' (රළුකමක්) කියලා. මාව රළුකමක් කියලා කියන එක මට සතුටක්.

ජනතාව වෙනුවෙන් කටයුතු කරන විට, ජනතාව වෙනුවෙන් හඬ නගන විට, අපි අපගේ ජීවිතය ජනතාවට කැප කරන විට ඒවට ‘රළුකම’ කියනවා. ඒක රළුකමක්නම්, පිළිගැනීමට මම සූදානම්.

පසුගියකාලයේ රණිල් වික්‍රමසිංහගේ බැග් බැඳගෙන ගිය අය තමයි අද මේ වගේ කතා කරන්නේ.."

බුකිය කැලඹු නිලන්ති කොට්ටහච්චිගේ ෆේස්බුක් පොස්ට් එක මෙන්න! (PHOTOS)

බුකිය කැලඹු නිලන්ති කොට්ටහච්චිගේ ෆේස්බුක් පොස්ට් එක මෙන්න! (PHOTOS)

ReeCha