රවී කරුණානායක මහතා හදිසියේම රෝහල්.ගත කරයි.

srilanka politics Ravi karunanayaka
By Sithumi Feb 25, 2022 11:35 AM GMT
Sithumi

Sithumi

Report

හබරණ ප්‍රදේශයේ දින 6ක නිවාඩුවක් ගත කරමින් සිටි එක්සත් ජාතික පක්ෂෙයේ උතුරු කොළඹ සංවිධායක රවි කරුණානායක හදිසියේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ. ඒ, කකුලේ විෂබීජයක් ආසාදනය වීම හේතුවෙනි.

මේ වන විට ඔහු කොළඹ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ලබමින් සිටී. පසුගිය 19 වැනිදාට රවී කරුණානායකගේ උපන් දිනය යෙදී තිබුණ අතර, ඒ වෙනුවෙන් උතුරු කොළඹ නාගරික මන්ත්‍රිවරුන් 22 දා කොටහේනේ පරමානන්ද විහාරයේ බෝධි පූජා පින්කමක් සංවිධානය කර තිබුණි.

නමුත් රෝගී තත්ත්වය හේතුවෙන් රවි ට ඊට සහභාගී වීමට නොහැකි වූ අතර රවි වෙනුවෙන් ඔහුගේ වැඩිමහලු දියණිය වන ඔනෙලා පින් කමට සහභාගී වී ඇත.