රත්මලාන දුම්රිය අංගනයට 05ක් කඩා පනී..වෙඩි තැබීමක් සමග අද සිදු වූ බිහිසුණු සිදුවීම මෙන්න.
ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන දුම්රිය අංගනයට අද (23) අළුයම් කාලයේදී දේපල සොරකම් කිරීමට ඇතුළු වූ පුද්ගලයින් පස් දෙනෙකු එහි ආරක්ෂක රාජකාරි යෙදී සිටි දුම්රිය ආරක්ෂක නිලධාරියෙකුට පහරදී තුවාල සිදු කර ඇති අතර, එහිදී දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු විසින් මෙම සැකකරුවන්ට වෙඩි තැබීමක් සිදුකර තිබෙන බව වාර්තා වනවා.
පොලිසිය පවසන්නේ, එම වෙඩි තැබීමෙන් එක් සැකකරුවෙකු තුවාල ලබා ඇති බවයි.
එමෙන්ම අනෙක් සැකකරුවන් පලාගොස් තිබෙන බවයි පැවසෙන්නේ.
පොලිසිය සඳහන් කරන්නේ, සැකකරුවන් විසින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ දුම්රිය ආරක්ෂක නිලධාරියා සහ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු කළුබෝවිල රෝහලට ඇතුලත් කර තිබෙන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.