රන්වලගේ සිද්ධියේදී පොලීසිය වගකීම් පැහැර හැරියා ද බලන්න විමර්ශනයක්

Report

ඒ අනුව් ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීමක් සිදු වූවාද යන්න විමර්ශන යටතට ගෙන ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ, මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, අනතුර සිදු වූ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැර ඇති බවට එල්ල වන චෝදනා නිසා මෙම විමර්ශනය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි. එම විමර්ශන අවසන් වූ පසු, අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, මෙම විමර්ශනය නිසි ලෙස, සම්පූර්ණව සහ ස්ථිර සාක්ෂි මත පදනම්ව සිදුකෙරෙන බවයි, සහ එය ප්‍රජා විශ්වාසය රැක ගැනීම සඳහා අවශ්‍ය පියවරක් බවයි. එහිදී,

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න - හර්ෂණ

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න - හර්ෂණ

"මේ වෙනකොට ඔබ දන්නවා ඇති සමහර පාර්ශ්වවලින් චෝදනා එල්ල වූ නිසා පොලීසිය පැත්තෙන් අඩුපාඩුකමක් සිදුවුණා කියලා පොලිස්පතිවරයාගේ නියෝගයෙන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීමක් වූවාද කියන එක සම්බන්ධයෙන් විමර්ෂනයකුත් සිදු කෙරමින් පවතිනවා. මේ සියලු වාර්තා අධිකරණයට ඉදිරිපත් වෙනවා එතකොට ඒ සම්බන්ධයෙන් තීන්දුව බලාගන්න පුළුවන්."

යනුවෙන් ඇමතිවරයා අදහස් ඉදිරිපත් කර තිබුණි.

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියේ ගැටී පොලිස් සැරයන්වරයෙක් මරුට

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියේ ගැටී පොලිස් සැරයන්වරයෙක් මරුට