ශ්‍රී නව කදිරේෂන් කෝවිලේ වාර්ෂික ආඩිවේල් පෙරහැරට අග්‍රාමාත්‍යතුමිය පූජෝපහාර දක්වයි

By Ashfa Jul 28, 2026 04:23 PM GMT
Report

​ශ්‍රී නව කදිරේෂන් කෝවිලේ වාර්ෂික ආඩිවේල් පෙරහැර අද (ජූලි 28) පස්වරුවේ අරලියගහ මන්දිරය අභියසින් ගමන්ගත් අතර, එහිදී වේල් පෙරහැර වෙත අග්‍රාමාත්‍ය කාර්යාලයේ පූජෝපහාරය දැක්වීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්වූවාය. ​

සම්ප්‍රදායානුකූල බෙර වාදනය පෙරටු කරගනිමින් අරලියගහ මන්දිරයේ සිට වේල් කරත්තය අභියසට අග්‍රාමාත්‍යතුමිය කැඳවාගෙන යාමෙන් අනතුරුව එහි වැඩම කරවා තිබූ කඳසුරිඳු දේව ප්‍රතිමාව වෙත පලතුරු වට්ටියක් පූජා කරමින් ආගමික වතාවත්වල නිරත වී දේව ආශිර්වාද ලබාගත්තාය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක් - වහාම ජනතාව ප්‍රවේශම් වෙන්න

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක් - වහාම ජනතාව ප්‍රවේශම් වෙන්න

​අනතුරුව, වේල් පෙරහැරේ සංවිධායක මණ්ඩලය විසින් අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වය අගය කරමින් මල්දමක් පළඳවා, පටසළුවක් පොරවා තම කෘතඥතාව පළ කළේය. ​

කොළඹ හෙට්ටි වීදිය සහ බම්බලපිටිය නාට්ටුක්කෝට්ටෛ නගරත්තාර් ශ්‍රී නව කදිරේෂන් කෝවිල එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ආඩිවේල් මහෝත්සවය සහ රථ පෙරහැර මංගල්‍යය වර්ෂ 1874 සිට අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන අතර, එහි 152 වැනි වේල් පෙරහැර මෙවර පැවැත්විය.