ලංකාවටම සුභ ආරංචියක් - වසරේ මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ඉහලට
By Ashfa
වසරේ මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 සීමාව ඉක්මවා තිබේ. ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට ජුලි 26 දක්වා මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,313,974ක් බවයි.
සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ජූලි මාසයේ ගතවූ දින 26 තුළදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 167,401ක් බවද සඳහන් වේ.
ජුලි මාසයේ පැමිණි සංචාරකයින් අතුරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම ප්‍රමාණය 38,785ක් වේ.
එමෙන්ම වසරේ ගතවූ කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේද ඉන්දියාවෙන් වන අතර එම ප්‍රමාණය 310,293ක් බව වාර්තා වේ.