ලබන 01 වෙනිදා ගහන්න ගිය බදු ගොනුව වහාම ක්‍රියාත්මක වන පරිදි කල් දමයි.. ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්..
ලබන 01 වැනිදා සිට වාහන ලියාපදිංචි කිරීමේදී, ආදායම් බලපත්‍ර ගැනීමේදී සහ දේපල මිලදී ගැනීමේදී බදු ගොනුවක් විවෘත කිරීමේ තීරණය කල් ගොස් තිබෙනවා.
ඒ අනුව එය මාසකින් පමණ කල් දැමීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ ය.
නමුත් ජනවාරි 01 වැනිදා සිට මෙතෙක් වැට් බදු අය නොකළ භාණ්ඩ රැසකට වැට් බදු අදාළ වේ.
කෙසේ වෙතත්, මෙතෙක් 15% ක් වු බදු අනුපාතය 18% දක්වා ඉහළ දැමීම ද සිදු වේ.