මුදල් රාජ්‍ය අමාත්‍යවරයා දුන් සහතිකය..
By krishani
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකමෙහි පළමු වාරිකය නුදුරේදීම මෙරටට ලැබෙනු ඇති බවට විශ්වාසය පළකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඒ ඊයේ (26) පෙරවරුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය භාර විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණ මූර්ති සුබ්‍රමනියම් ඇතුළු නියෝජිතයින් එම සාකච්ඡාවට එක්ව සිටියේ ය.
කෙසේවෙතත් ඔහු පැවසුවේ එම සාකච්ඡාව සාර්ථක බව ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |