භාණ්ඩ රැසක ආනයන සිමා ලිහිල් කිරීමට පියවර

Custard Apple Sri Lanka
By Sithumi Apr 18, 2023 06:05 PM GMT
Sithumi

Sithumi

Report

තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මතතා පවසනවා. රේගුවේ අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා එය පිටිවහලක් වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රේගුවේ වසරේ අදායම් ඉලක්ක පිලිබඳ සමාලෝචන රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

 අමාත්‍යවරයා පවසන්නේ රේගුව වෙත පළමු මාස 03 තුළ සඳහා ලබාදී ඇති අදායම් ඉලක්කය රුපියල් බිලියන 270ක් වන අතර මෙම කාලය තුල ලැබී ඇති ආදායම අපේක්ෂිත අදායමට වඩා 12%ක් අඩුවක් දක්නට ලැබෙන බවත් ඊට ප්‍රධාන වශයෙන් භාණ්ඩ ආනයන සීමා පනවා තිබීම හේතු වූ බවයි.

ඒ නිසා නුදුරේදීම දැඩි විමසිලිමත්ව අදාල සිමා ලිහිල් කිරීමට කටයුතු කරන බවත් විශේෂයෙන්ම මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව ලබාදෙන නිර්දේශ මත අදාල තීරණ ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.