රන්ජන් රාමනායක හදිසියේම ජනපති කාර්යාලයට ගිය හේතුව මෙන්න..විජිත හේරත් රංජන් ගැන හොඳ කියයි.(VIDEO)

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ(02) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් තිබෙන බව වාර්තා වනවා.

ඒ ඔහුට හිමි වී ඇති ජනාධිපති සම්මාවට අදාළ ලිපි ලේඛන කිහිපයක් ලබා ගැනීම සඳහා බවයි පැවෙසෙන්නේ.

ඉදිරි මැතිවරණයට තරග කිරීම සඳහා ඔහුට හිමව ඇති ජනාධිපති සමාවට අදාල ලේඛණ මැතිවරණ කොමිසමට අවශ්‍ය වී තිබීම ඊට හේතුවක්.

මේෂ,තුලා සහ කුම්භ යන ලග්න හිමියන් අද දැඩි අවධානයෙන් ඉන්න..

මේෂ,තුලා සහ කුම්භ යන ලග්න හිමියන් අද දැඩි අවධානයෙන් ඉන්න..


ජනාධිපති අනුර දිසානායක මහතාගෙන් පූර්ණ ජනාධිපති සමාවක්ද රන්ජන් රාමනායක මහතා බලාපොරොත්තු වනවා.

හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඔහුට ජනාධිපති සමාව ලබා දුන්නද මැතිවරණයකට තරග කර නොහැකි ආකාරයෙන් සීමා කිරීම් කිහිපයක් එහි සිදුකර තිබීමද විශේෂත්වයක්.

මේ අනුව,අනුර දිසානායක ජනාධිපතිවරයා විසින් තමන්ට පූර්ණ සමාවක් ලබාදෙනු ඇති බවටද රාමනායක මහතා විශ්වාසයෙන් පසුවනවා.

මේ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශ අමාත්‍ය විජිත හෙරත් මහතා ද කියා සිටියේ රන්ජන් රාමනායක මහතා සිරගත වූයේ හා ප්‍රජා අයිතිය අහිමි වූයේ සොරකම් වංචා කොට නොව ඇත්ත කතා කිරීම නිසා බවයි.

ඔහුට යම් අසාධාරණයක් සිදුව ඇති බවත් ඊට සාධාරණයක් ඉටු විය යුතු බවත් විජිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළා.