මන්ත්‍රී රංජන් රාමනායකටත් කොවිඩ් බව තහවුරු වෙයි

By Sewvandhi Aug 06, 2021 09:21 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දැනට සිර දඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට කොරෝනා ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් ඔහු අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔහු මේවන විට සිරගතව සිටින්නේ ද අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේයි. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පසුගියදා සිය ඥාති නිවසක පැවති අවමංගල්‍ය උත්සවයකට ද පැමිණ සිටියා.

එම අවස්ථාවට පැමිණ සිටි දේශපාලනඥයන් කිහිප දෙනෙකු ද මන්ත්‍රීවරයා සමග සුහද කතා බහක නිරතවුනා.

කොරෝනා ආසාදනය වූ හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මේවන විට අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුට අවශ්‍ය ප්‍රතිකාර එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී ලබාදෙමින් පවතින බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක කියාසිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now