රන්ජන්ට කන්න නෑ – කිලෝ 10ක් බැහැලා..!!

Ranjan
By Thaya Apr 11, 2021 05:30 PM GMT
Report

වසර හතරක බරපතළ වැඩ ඇතිව සිරදඬුවමකට යටත්ව අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ශරීරයේ බර මේ වන විට කිලෝ දහයකින් පහත වැටී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. රන්ජන් රාමනායක මහතා බන්ධනාගාරගත වන විට ඒ මහතාගේ සිරුරේ බර ලෙස කිලෝ අසූදෙකක් වාර්තා විය. නමුත් මේ වන විට රාමනායක මහතාගේ සිරුරේ බර ලෙස සටහන් වන්නේ කිලෝ 72කි. සාමාන්‍ය ජීවිතයේ දී රන්ජන් රාමනායක මහතා තුන්වේලටම මස් මාංශ අනුභව කළ චරිතයක් ලෙස ප්‍රකටය. නමුත් මේ වන විට රන්ජන් රාමනායක මහතාට උදෑසන ආහාර වේලට ලැබෙන්නේ බත් සහ පොල් සම්බෝලය.