රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිගෙන් විශේෂ තීරණයක්

Ranil Wickremesinghe Government Employee Sri Lanka Government
By Sithumi May 26, 2022 01:29 PM GMT
Sithumi

Sithumi

Report

ජීවන වියදම ඉහල යාමට මුහුණ දීම සඳහා සහන අය වැයෙන් රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරිමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. දිනෙන් දින වැඩිවන ජීවන වියදමට මුහුණ දීම සඳහා රජයේ සේවකයන්ට ශක්තියක් වීම සඳහා අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.

යහපාලන රජය බලයට පත් වූ විගස දින සියයක් ඇතුළත රජයේ සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීමට පියවර ගත් පරිදිම, මේ අවස්ථාවේදීත් කාලයත් සමඟ ජීවන වියදම වැඩි වීම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවක පඩි වැඩි කිරීම කළ යුතු බව අයවැය යෝජනා සකසන නිලධාරීන්ට රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

මෙම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි වීමට සමාන්තර ලෙස පුද්ගලික අංශයේද වැටුප් වැඩිකරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය ඉදිරිපත් කරමින් ඉල්ලා සිටීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now