යළිත් මුදල් අච්චු ගහන බව අගමැති කියයි... හේතුව..

Ranil Wickremesinghe Wickremesinghe Ranil Government Of Sri Lanka
By Sithumi May 14, 2022 11:10 AM GMT
Sithumi

Sithumi

Report

මුද්‍රණය කරන ලද රුපියල් ට්‍රිලියන තුනක මුදලක් අවසන් වී ඇති බවත් දැනට රජය සතුව ඇත්තේ රුපියල් බිලියන 100ක මුදලක් පමණක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එනිසා තවදුරටත් මුදල් අච්චු ගැසීම සඳහා පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ලබා ගත යුතුව ඇති බවත් එසේ නොකළහොත් රජයේ සේවකයන්ට පඩි ගෙවීමට හැකියාවක් නැති බවත් හෙතෙම පැවසීය. 

කෙසේ වෙතත් තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය මුදල් අච්චු ගැසීම නොවන නමුත් මේ මොහොතේ මුදල් අච්චු නොගැසුවොත් රජයේ සේවකයන්ට වැටුප් ගෙවා ගැනීමට නොහැකි වන බවත් හෙතෙම කියා සිටියේය. බීබීසී සේවය සමඟ සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now