ජනපති රනිල් අද බසයේ ගිය ගමන

Ranil Wickremesinghe President of Sri lanka
By Sithumi Feb 05, 2023 04:52 PM GMT
Sithumi

Sithumi

Report

75 වන නිදහස් සැමරුමට සමගාමීව මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවාවන් ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජයෙන් මෙරටට ලබා දීමට නියමිත බස් රථ 500 අතරින් බස් රථ 50ක් අද(05) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංඛේතාත්මක භාර දීම සිදු කර තිබෙනවා.

  ජපාන රජය විසින්  වර්ගයේ බස් රථ 74ක්, යතුරු පැදි 150 ක් හා සෝදිසි උපකරණ 115ක් ඇතුළු භාණ්ඩ තොගයක් පරිත්‍යාග කර තිබෙන්නේ ශ්‍රී ලංකා පොලිසියේ පරිහරණය සඳහාය.

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දුන්නේ ඊයේ දිනයේදී එම භාණ්ඩ තොගය සංඛේතාත්මක ලෙස ජපාන විදේශ රාජ්‍ය අමාත්‍ය ටකෙයි ෂුන්සුකේ මහතා විසින්.

එමෙන්ම 75 වන නිදහස් දිනයට සමගාමිව මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවාව වඩාත් ශක්තිමත් කිරීම උදෙසා ඉන්දීය රජය විසින් මෙරටට ලබා දීමට නියමිත බස් රථ 500 අතරින් තවත් බස් රථ 50ක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංඛේතාත්මකව භාරදෙනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඊට අදාළ ලේඛන ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමට කටයුතු කළ අතර අනුව බස් රථ 165ක් මේ වන විට ශ්‍රී ලංකාවට ලබාදී ඇති අතර එළඹෙන මාර්තු මස අවසන් වන විට බස් රථ 500 ලබා දීමේ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට නියමිතව තිබෙනවා. එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් මෙහිදී බස් රථයක නැගී යාමද විශේෂත්වයක්.